Monday 21 August 2017

ඇරඹුම - අප මරාදැමුවද අප නඟන හඬ සදා නොමියනු ඇත !


සිංහල බ්ලොග් අවකාශයේ අවනීතිය රජකරවන බ්ලොග් පොලීසිය සහ බ්ලොග් බ්‍රෝකර්ලා සහ බ්ලොග් අයියලා විසින් මරා දැමූ බ්ලොග්කරුවන්ගේ ආත්මීය ප්‍රකාශනය...!

රට ගිනි ගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්...

එගිණි නිවන මඟ සෙවීම වරදක්දැයි මට කියන්...

වර්තමාන අන්ත දූෂිත යහපාලන රෙජීමය යටතේ නුඳුරේදීම මෙරට බලසම්පන්නම විධායක බිහිවනු නොඅනුමානය. දැන් දැන් එයට අවශය සියලු කාරණා සම්පූර්ණ වීමට අවශ්‍ය ඉඩ ජනතාපරමාධිපත්‍ය විසින් තම ගෙළට තොණ්ඩුව සිය'තින්ම දමානිමින්ම සලසා දී ඇත. රටක 2/3 කට වැඩි රාජ්‍ය හා දේශපාලන බලය එක් කණ්ඩායමක් වෙත ගොනුවූ කළ බහුතරයකගේ අයිතිවාසිකම් හා නිදහසට කරන බලපෑම සුළුපටු නොවේ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයේද ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද ආර්ථිකයේ මූලයන් සියල්ලේද භාරකාරත්වය අන්ත දූෂිත යහපාලන රෙජීමය සතු වටපිටාවක බලය උතුරා යමින් පවතින අවස්ථාවක ජාත්‍යන්තර මාධ්‍යයන් වෙතද දැඩි බරපතල ප්‍රකාශයන් කරන්නට බලය සපයන්නේ මෙරට සබුද්ධික ජනතාපරමාධිපත්‍යයි.

දැන්, දැන්,  කෑ බලමාලු ඇඹුල් තියල් ජීර්ණය කරගන්නට බැරි තත්ත්වය පත්ව සිටින මෙරට බුද්ධිමත් ඡන්දදායකයගේ සුරතින්ම ජ්‍රජාත්‍රන්තවාදය තොණුඩුව දමා "යහපාලන" යන බොරු ලේබලය යටතේ ඇති අශීලාචාර දූෂිත රෙජීමයට එහි පාලන පද්ධතිය ඉහත බලඅධිකාරිය වෙත පවරා දී ඇත. දැන් නූල ඇත්තේ ඔවුන් අතය. නටන්නට වෙනුයේ ඔවුන්ගේ පදයටය. නැටීමට අකමැති, වෙනත් වන්නම් නැටීමට සූදානම් වන සියල්ලන්ගේ නූල් ගෙලට හිරවුනු නොඅනුමානය. එබැවින් බුද්ධිමත්, අල්ලස් ඡන්දදාකයා දුන් වරමේ අනුහසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පෝරකයට නියම කරන දිනය වැඩි ඈතක නොවනු ඇත.

මෙරට ජනයා බැලිය යුතු නාළිකා, ඇසිය යුතු පුවත්, කියවිය යුතු පොත පත, සෑදිය යුතු චිත්‍රපට, පානය කළ හැකි මත්පැන් පමණක් නොව බණ ඇසිය යුතු ස්වාමීන් වහන්සේලා පවා මෙරට රට්ටු දැන හෝ නොදැන පාලනය කරන්නේ ඉහත් බල අධිකාරිය විසින් ය. මේ සෑම දෙයකම හොඳ නරක, දේශදෝහීත්වය, දේශ ප්‍රේමීත්වයන් නිර්ණය කරන්නේ යහපාලන රෙජීමය විසිනි. ජනතාවද සියල්ල උකස්කර දී අවසානය. හෘදසාක්‍ෂිය රහිත ජන කොටසක් වී හමාරය. ඒ නිසාම කවුරුන් එල්ලා මරාදැමුවද, ප්‍රජාතන්ත්‍රවාදය ඔලුවෙන් හිටෙව්ව ද ඔවුන්ට ප්‍රශ්ණයක් නැත. ඒ තමන් සුරක්‍ෂිත යැයි උපකල්පණයක් කිරීමෙනි. නමුත් එය උපකල්පණයක්ම වන්නේය. සැබෑව එයට වඩා බොහෝ වෙනස්ය.

7 comments:

  1. එළ එළ ජයවේවා !

    ReplyDelete
  2. යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුල ඇතිකරන බවට පොරොන්දු වෙමිනි. මැතිවරණ කල් දමමින් ආණ්ඩුව එම පොරොන්දුව ඉටු කර ඇත. සොරකම් නොකරන බවට වූ පොරොන්දුව එදා මෙදා තුර ලොකුම වංචාව වන බැදුම්කර වංචාව කරමින් ඉටු කළේය.

    එසේම නීතියේ ආධිපත්‍ය සුරකින බවට වූ පොරොන්දුවද මේ වන විට පියවරින් පියවර ඉටුකරමින් සිටින අන්දම අපට පෙනී ගොස් තිබේ.

    ආණ්ඩුව එම පොරොන්දුව ඉටුකරන්නට පටන් ගත්තේ නීති විරෝධී අන්දමට අගවිනිසුරුවරයා ඉවත් කරමිනි. දැන් රට හමුවේ උදා වී ඇත්තේ එකී උච්චතම අවස්ථාවයි. දැන් ඔවුන් සූදානම් වන්නේ අධිකරණ අමාත්‍යවරයා එම තනතුරින් එළවා දමන්නටය. ඒ සඳහා විධායකයේද අනුමැතිය ආශීර්වාදය ලැබී තිබේ. ආණ්ඩුවේ ඇතැම් බත්බැලයන් පසුගිය දින කිහිපයක් තිස්සේ අධිකරණ අමාත්‍යවරයාට බැන අඬගසමින් සිටින්නේ ඊට අනුවය.

    ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ තීන්දුව කලින්ම ගෙන චූදිතයන් බෙල්ලෙන් අල්ලා දඩුවම් දෙන වන්ෂොට් පන්නයේ අමාත්‍ය වරයෙකි. ලොව කුමන හෝ තැනක නොමැති අන්දමට එක් පවුලකට එරෙහි නඩු විභාග කිරීම සඳහා පමණක් අධිකරණ පිහිටුවීම වැනි නයිතික නොවන යෝජනා ඉදිරිපත් වන්නේ ඒ අනුවය. එමගින් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ දේශපාලනිකව පරාජය කල නොහැකි තම ප්‍රතිවාදීන් “කෙසේ හෝ ” මර්දනය කිරීමටය.එසේ කොට ආණ්ඩුවට කඩේ යමින් සිටින NGO නඩයේද ඔවුන්ගේ ස්වාමිවරුන්ගේද මන දොළ සපුරාලන්නටය.

    මෙවැනි මර්දනකාරී,නීති විරෝධී ක්‍රියාමාර්ග මගින් අගතියට පත් වන්නේ රාජපක්ෂ පවුල හා ඒකාබද්ධ විපක්ෂය පමණක් යැයි කෙනකු සිතන්නේ නම් එය මුලාවකි. මෙවැනි නීතිවිරෝධී,ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් යම් දිනක මේ රටේ ඕනෑම අයෙකුට එරෙහිව භාවිත නොවන්නේ යැයි සහතික විය හැක්කේ කාටද?

    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලික ලක්ෂණයක් වන්නේ නීතියේ ස්වාධිපත්‍යයි. දැන් උදාවී ඇත්තේ විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් නීතිය පාලනය අතට ගැනීමට උත්සාහ දරණ අවස්ථාවකි. අධිකරණ අමාත්‍ය වරයා ඉවත් කිරීමට අප එරෙහි විය යුත්තේ එනිසාය.

    එනිසා මේ අවස්ථාවේ නීතියේ ආධිපත්‍යට මුව වී ආණ්ඩුව ගෙන යන මේ නීති විරෝධී,ප්‍රජාතන්ත්‍ර විරෝධී,සදාචාරවත් නොවන ක්‍රියාමාර්ගයන් පරාජයට පත් කිරීම සඳහා එක්වන ලෙස නීති ක්ෂේත්‍රයේ සියලුම දෙනා ගෙන් මෙන්ම නීතිගරුක සියලු පුරවසියන්ගෙන්ද අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. ඔවු මෙවැනි කරුණු ගැන අපි ඉදිරියේ වැඩිදුරටත් කතාකරමු !

      Delete
  3. පළමු ව අපි සිංහල වියුණු ලොව නව වියුණුව වන 'බ්ලොග් ලොව හොල්මන්' සාදරයෙන් පිළිගෙන සුබ පතන්නෙමු.

    ඔබගේ පළමු වියුණු සටහන ම කාලීන, කාලෝචිත මාතෘකාවක් අලළා ලියා තිබීම ඔබගේ වියුණුවේ දර්ශනය සහ පරමාර්ථය ව්‍යංගයෙන් පැවසීමක් වැනි ය. ගනඳුරු අලුයම එකලු කරනට මතු ව එන්නට සැරසෙන අරුණලු කිරණක සේයාවක් ඔබගේ වියුණුවේ අපි දකිමු.

    සිංහල වියුණු ලොව දීර්ඝ ගමනක් යාමට ඔබට ධෛර්යය සහ වාසනාව ලැබේවා!

    සංස්කාරක මණ්ඩලය,
    සාර්වජනික ක්ෂේත්‍රය.


    පසු සටහන: වියුණුපති මාතලනුන්ගේ 'මාතලන්ගේ සින්ඩියට' ඔබගේ වියුණුව එක්කර පුළුල් පාඨක ප්‍රජාවකට ඔබගේ වියුණු සටහන් කියවන්නට සලස්වන්න. දෘෂ්ටිවාද භේදයකින් තොර ව මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ මැතිඳුන් නවක වියුණුකරුවනට සහය පළ කරන බව නිසැක ව පැවසිය හැකි ය.

    ReplyDelete
    Replies
    1. සාර්වජනික ක්ෂේත්‍රය නමැති හරවත් වැදගත් වියුණුව ලියන විද්වතුන් මෙහි පැමිණීමත් හරවත් ආලෝචනයකින් මෙම වියුණුව අත්‍යලංකාර ලෙස වර්ණවත් කිරීමත් අපට කරන ලද මහත් ගෞරවයකි. ඔබගේ ඔවදන් සහ ගුරුහරුකම් සමග අප ඉදිරියටම යාමට බලාපොරොත්තු වෙමු.

      අපගේ පහත වියුණුද ඔබගේ ආලෝචනයෙන් හැඩ කර ඔප මට්ටම් කරන මෙන් ඔබෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

      බ්ලොග් යුක්තිය

      බ්ලොග් පොලිස් කොමිසම

      තුති වේවා ! අපගේ ප්‍රණාමය පිළිගන්න.

      Delete
  4. ලොකු සෑර්,

    පොල් නැතුව කලටි තියා වෑවරයක් වත් හොයාගන්ඩ නැහැ. ඇට්ටිම විතරයි දැන්.
    මෙහෙම හරි ආව එක ලොකු දෙයක්.

    සැප වේවා!

    ReplyDelete