Monday 21 August 2017

ඇරඹුම - අප මරාදැමුවද අප නඟන හඬ සදා නොමියනු ඇත !


සිංහල බ්ලොග් අවකාශයේ අවනීතිය රජකරවන බ්ලොග් පොලීසිය සහ බ්ලොග් බ්‍රෝකර්ලා සහ බ්ලොග් අයියලා විසින් මරා දැමූ බ්ලොග්කරුවන්ගේ ආත්මීය ප්‍රකාශනය...!

රට ගිනි ගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්...

එගිණි නිවන මඟ සෙවීම වරදක්දැයි මට කියන්...

වර්තමාන අන්ත දූෂිත යහපාලන රෙජීමය යටතේ නුඳුරේදීම මෙරට බලසම්පන්නම විධායක බිහිවනු නොඅනුමානය. දැන් දැන් එයට අවශය සියලු කාරණා සම්පූර්ණ වීමට අවශ්‍ය ඉඩ ජනතාපරමාධිපත්‍ය විසින් තම ගෙළට තොණ්ඩුව සිය'තින්ම දමානිමින්ම සලසා දී ඇත. රටක 2/3 කට වැඩි රාජ්‍ය හා දේශපාලන බලය එක් කණ්ඩායමක් වෙත ගොනුවූ කළ බහුතරයකගේ අයිතිවාසිකම් හා නිදහසට කරන බලපෑම සුළුපටු නොවේ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයේද ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද ආර්ථිකයේ මූලයන් සියල්ලේද භාරකාරත්වය අන්ත දූෂිත යහපාලන රෙජීමය සතු වටපිටාවක බලය උතුරා යමින් පවතින අවස්ථාවක ජාත්‍යන්තර මාධ්‍යයන් වෙතද දැඩි බරපතල ප්‍රකාශයන් කරන්නට බලය සපයන්නේ මෙරට සබුද්ධික ජනතාපරමාධිපත්‍යයි.

දැන්, දැන්,  කෑ බලමාලු ඇඹුල් තියල් ජීර්ණය කරගන්නට බැරි තත්ත්වය පත්ව සිටින මෙරට බුද්ධිමත් ඡන්දදායකයගේ සුරතින්ම ජ්‍රජාත්‍රන්තවාදය තොණුඩුව දමා "යහපාලන" යන බොරු ලේබලය යටතේ ඇති අශීලාචාර දූෂිත රෙජීමයට එහි පාලන පද්ධතිය ඉහත බලඅධිකාරිය වෙත පවරා දී ඇත. දැන් නූල ඇත්තේ ඔවුන් අතය. නටන්නට වෙනුයේ ඔවුන්ගේ පදයටය. නැටීමට අකමැති, වෙනත් වන්නම් නැටීමට සූදානම් වන සියල්ලන්ගේ නූල් ගෙලට හිරවුනු නොඅනුමානය. එබැවින් බුද්ධිමත්, අල්ලස් ඡන්දදාකයා දුන් වරමේ අනුහසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පෝරකයට නියම කරන දිනය වැඩි ඈතක නොවනු ඇත.

මෙරට ජනයා බැලිය යුතු නාළිකා, ඇසිය යුතු පුවත්, කියවිය යුතු පොත පත, සෑදිය යුතු චිත්‍රපට, පානය කළ හැකි මත්පැන් පමණක් නොව බණ ඇසිය යුතු ස්වාමීන් වහන්සේලා පවා මෙරට රට්ටු දැන හෝ නොදැන පාලනය කරන්නේ ඉහත් බල අධිකාරිය විසින් ය. මේ සෑම දෙයකම හොඳ නරක, දේශදෝහීත්වය, දේශ ප්‍රේමීත්වයන් නිර්ණය කරන්නේ යහපාලන රෙජීමය විසිනි. ජනතාවද සියල්ල උකස්කර දී අවසානය. හෘදසාක්‍ෂිය රහිත ජන කොටසක් වී හමාරය. ඒ නිසාම කවුරුන් එල්ලා මරාදැමුවද, ප්‍රජාතන්ත්‍රවාදය ඔලුවෙන් හිටෙව්ව ද ඔවුන්ට ප්‍රශ්ණයක් නැත. ඒ තමන් සුරක්‍ෂිත යැයි උපකල්පණයක් කිරීමෙනි. නමුත් එය උපකල්පණයක්ම වන්නේය. සැබෑව එයට වඩා බොහෝ වෙනස්ය.